WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කුවේට් ගුවන් සේවය යළි කොළඹට

I
Ishanka Jayasuriya
April 8, 2026 · 1 min read
329 viewsf𝕏W
 කුවේට් ගුවන් සේවය යළි කොළඹට
කුවේට් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන කුවේට් එයාර්වේස් අප්‍රේල් 15 වන දින සිට යළිත් කොළඹ බලා ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
ඒ අනුව කුවේට් සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සබඳතා යළි ශක්තිමත් වන අතර, මගීන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා වැඩි පහසුවක් සැලසෙනු ඇත.
මෙම නව ගුවන් සේවය සතියකට එක් දිනක්, සෑම බදාදා දිනකම ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
ඒ අනුව,
කුවේට් සිට කොළඹට ගුවන් යානය පෙ.ව. 01:30ට පිටත්වී ප.ව. 18:05ට පැමිණෙන අතර,
කොළඹ සිට කුවේට් වෙත ගුවන් යානය ප.ව. 19:05ට පිටත්වී පෙ.ව. 03:30ට පැමිණීමට නියමිතය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ලංගම කොන්දොස්තරවරුන්ගෙන් දිනකට කෝටි 2ක වංචා
Next
GMOA වැඩවර්ජනය අද උදෑසන සිට

More in Breaking News