WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ළදරු මරණවලින් 40%ක් උපත් ආබාධ නිසා

I
Ishanka Jayasuriya
June 5, 2026 · 1 min read
67 viewsf𝕏W
ළදරු මරණවලින් 40%ක් උපත් ආබාධ නිසා
ශ්‍රී ලංකාවේ ළදරු මරණවලින් සියයට 40කට පමණ හේතුව උපත් ආබාධ බවත්, වාර්ෂිකව ළමුන් 4,000ත් 5,000ත් අතර සංඛ්‍යාවක් උපත් ආබාධ සහිතව උපදින බවත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ මහාචාර්ය කපිල ජයරත්න මහතා පවසයි.
ඔහු සඳහන් කළේ මෙරට තුළ වසරකට ළදරුවන් 2,100කට ආසන්න සංඛ්‍යාවක් මියයන අතර, ඉන් 700කට පමණ හේතුව උපත් ආබාධ බවයි.
ඇතැම් උපත් ආබාධ දරු ගැබ තුළදීම හඳුනාගැනීමට හැකියාව තිබුණද, දැනට ක්‍රියාත්මක නීතිමය ප්‍රතිපාදන හේතුවෙන් එවැනි අවස්ථාවල සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සීමා වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මහාචාර්යවරයාගේ අදහස අනුව, ජීවිතය පවත්වාගෙන යා නොහැකි බව වෛද්‍යමය වශයෙන් තහවුරු වන දරුවන් සම්බන්ධයෙන් මවගේ කැමැත්ත අනුව දරු ගැබ නිමා කිරීමේ නීතිමය අවස්ථාවක් සලසා දිය යුතු බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් යෝජනා කර තිබේ.
මෙවැනි තත්ත්වයන් මවට, පවුලට සහ සෞඛ්‍ය පද්ධතියට දැඩි මානසික හා සමාජීය බලපෑම් ඇති කරන සංවේදී කරුණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ෂී ජින්පිං උතුරු කොරියාවේ සංචාරයක
Next
හොලිවුඩ් ප්‍රවීණ නළු James Handy ඝාතනය කෙරේ

More in Breaking News