WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ෂී ජින්පිං උතුරු කොරියාවේ සංචාරයක

I
Ishanka Jayasuriya
June 5, 2026 · 1 min read
55 viewsf𝕏W
ෂී ජින්පිං උතුරු කොරියාවේ සංචාරයක
චීන ජනාධිපති ෂී ජින්පිං එළැඹෙන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන බව දෙරටේ රජයන් අද (05) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
2019 වසරෙන් පසු චීන ජනාධිපතිවරයෙකු උතුරු කොරියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වන අතර, වසර හතකට ආසන්න කාලයකින් පසු සිදුවන මෙම සංචාරය ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත.
උතුරු කොරියාව සමඟ පවතින දේශපාලනික හා ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් ලෙස සැලකෙන අතර, දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳවද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ මෑත චීන සංචාරවලින් සති කිහිපයකට පසු මෙම සංචාරය සිදුවීම හේතුවෙන් එය කලාපීය සහ ගෝලීය දේශපාලනයේ වැදගත් සංවර්ධනයක් ලෙස විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම සංචාරය හරහා චීනය සහ උතුරු කොරියාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ උපායමාර්ගික සබඳතා තවදුරටත් තහවුරු වනු ඇති බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
බටගොඩ වැඩිහිටි නිවාස ගින්නේ මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළට
Next
ළදරු මරණවලින් 40%ක් උපත් ආබාධ නිසා

More in World