WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

රාජගිරියේ විදේශිකයින් 120ක් අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
May 3, 2026 · 1 min read
204 viewsf𝕏W
රාජගිරියේ විදේශිකයින් 120ක්  අත්අඩංගුවට
 රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකදී විදෙස් ජාතිකයින් 120කට ආසන්න පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධී මූල්‍ය ජාවාරම් සහ වෙනත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදුකිරීමේ සැකය මත මෙම වැටලීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර චීනය, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කරය, පිලිපීනය, තායිලන්තය සහ කාම්බෝජය ඇතුළු රටවල් රැසක පුරවැසියන් සිටින බවද වාර්තා වේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් මැද වැලිකඩ පාරේ මහල් නිවාස කිහිපයක් කුලී පදනම මත ලබාගෙන එහි සිට මෙම කූට ජාලය පවත්වාගෙන ගොස් ඇති බවයි. ඔවුන් භාවිත කළ පරිගණක හා ජංගම දුරකථන රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම වැටලීම අතරතුර සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ලෝක නිදහස් මාධ්‍ය දිනය අදයි
Next
නව වැට් බදු සංශෝධන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

More in Breaking News