WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

වකුගඩු ගල් සැත්කම් පොරොත්තු ලේඛනය කඩිනම් කිරීමට නව වැඩපිළිවෙළක්

I
Ishanka Jayasuriya
June 6, 2026 · 1 min read
2 viewsf𝕏W
වකුගඩු ගල් සැත්කම් පොරොත්තු ලේඛනය කඩිනම් කිරීමට නව වැඩපිළිවෙළක්
වකුගඩු ගල් ඉවත් කිරීමේ සැත්කම් සඳහා පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ගේ ප්‍රතිකාර කඩිනම් කිරීමේ විශේෂ වැඩසටහනක් ලබන 12 වැනිදා සිට මීරිගම මූලික රෝහලේදී ආරම්භ කිරීමට නියමිතය.
මීරිගම මූලික රෝහලේ නව ශල්‍යාගාර පද්ධතිය භාවිත කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, දැනට දිවයින පුරා වකුගඩු ගල් සැත්කම් සඳහා රෝගීන් 5,000කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනවල සිටින බව සඳහන් වේ.
මෙම වැඩපිළිවෙළ යටතේ විවිධ රෝහල්වල සැත්කම් සඳහා ලියාපදිංචි වී ඇති රෝගීන් මීරිගම රෝහල වෙත රැගෙනවිත් සැත්කම් සිදු කිරීමට නියමිත අතර, අදාළ රෝහල්වල මෞත්‍ර-ලිංගික විශේෂඥ වෛද්‍යවරුන් ද රෝගීන් සමඟ පැමිණ සැත්කම්වලට දායක වනු ඇත.
රෝගීන් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ද සලසා දෙන බව මීරිගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි චමින්ද ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙම වැඩසටහන මඟින් වකුගඩු ගල් ඉවත් කිරීමේ සැත්කම් සඳහා පවතින දිගු පොරොත්තු ලේඛනය කඩිනමින් අවසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
උසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති රාමුවට මහජන අදහස් කැඳවයි
Next
සහරා කාන්තාරයේ අතරමං වූ ට්‍රක් රථයක 49ක් මරුට

More in Breaking News