WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

රංග රාජපක්ෂගේ මරණයට වෛද්‍ය මණ්ඩල පරීක්ෂණයක්

I
Ishanka Jayasuriya
May 1, 2026 · 1 min read
227 viewsf𝕏W
 රංග රාජපක්ෂගේ මරණයට වෛද්‍ය මණ්ඩල පරීක්ෂණයක්
මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් සයිබර් අපරාධකරුවන් විසින් සොරකම් කළ බව කියන සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ රංග රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ, එම මණ්ඩලයට විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළත් බවයි.
මෙම මරණය පිළිබඳව පොලිස් කණ්ඩායම් දෙකක් මගින් වෙනම විමර්ශන ද ක්‍රියාත්මක කර ඇත.
රංග රාජපක්ෂගේ සිරුර ඊයේ දහවල් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පිටුපස තිබියදී සොයාගෙන තිබුණි.
ඔහුගේ එක් පාදයක ගැඹුරු කැපුම් තුවාලයක් තිබූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රුපියල 2.9% පහළට
Next
කුරුඳු මිල ඉතිහාසගත ඉහළම අගයට

More in Breaking News